Thursday, December 8, 2016

ලංකාවේ මුල් පදිංචිකරුවා දෙමළා ද ? සිංහලයා ද ?

ලංකාවේ ජාතික ව්‍යාපාරය යනු මහාචාර්ය නලින්ද සිල්වාවත්, ගුණදාස අමරසේකරවත්, අනගාරික ධර්මපාලවත් මහින්ද රාජපක්ෂවත්, මහින්ද පතිරණවත්, ඥාණසාරවත්, ඩෑන් ප්‍රියසාද්වත් ගොඩනැගුවක් නොවේ. මා ඉහතින් නම් සදහන් කළ චරිත ජාතික ව්‍යාපාරයේ රැල්ල මත පිහිනමින් තම දේශපාලන අරමුණු සුරාන්තයට පත්කර ගත්තෝ හා ගන්නෝ වෙති.

එබැවින් සිංහල ජාතිකත්වයේ මූලාරම්භය ලෙස හදුනාගත හැක්කේ මහාවංශයත් කියනා පරිදි ඉන්දියානු විජයගේ ලංකාගමනයයි. විජය මුලින්ම ගොඩ බැසගත් තම්මැන්නාව පිහිටා තිබුනේ මල්වතු ඔය මහ මුහුද එකතු වන විල්පත්තුව මැද පිහිටි මෝයට ආසන්න ප්‍රදේශයකය. මහ වංශයේ තොරතුරු වලට අනුව විජය ගොඩ බසින විට ශිෂ්ඨාචාරයක් සහිත කුවේණියගේ ජන වර්ගයත් මල්වතු ඔයට උතුරින් ජීවත්ව තිබේ. මා එය එසේ කියන්නේ කුවේණිය සිට ඇත්තේ නිරුවතින් නොව හොදින් ඇද පැළද ගෙන කපු කටිමිනි. 

එසේම විජය සමග සන්නිවේදනය කළ හැකි ඉන්දියානු භාෂාවක්ද ඇය විසින් පරිහරණය කොට තිබේ. එසේනම් ඒ වන විටත් ලංකාවේ මුල් පදිංචිකරුවන් ලෙස අපට හදුනාගත හැක්කේ ලංකාවට සමීප දකුණු ඉන්දියානු ද්‍රවිඩ සංස්කෘතියක් සහිත මිනිසුන් මෙහි වාසය කළ බවයි. මන්ද ඈත උතුරින් විජය පැමිණීමට පෙර ළග දකුණින් මුහුදු ගමනා ගමනය මගින් දකුණු ඉන්දියාව හා ලංකාව අතර දැඩි සම්බන්ධයක් තිබිය හැක. එය ඉතාම තාර්කිකය.

කුඩා නැවක හිරවී උතුරු ඉන්දියාවෙන් පිටුවහල් කළ පිරිමි මදාවීන් (Gangsters) පිරිස ලංකාවට ගොඩ බසිද්දී ඔවුන් සංස්කෘතිමය වශයෙන් කුවේණිගේ පරපුරට කෙසේවත් නොගැළපෙන අය වීමට ඉඩකඩ බොහෝය. එනිසා මගේ තක්සේරුව වන්නේ කුවේණියගේ පරපුර විජය ප්‍රමුඛ කණ්ඩායම මල්වතු ඔයෙන් උතුරට වද්දා නොගත් බවයි. කුවේණිය පැහැරගත් විජය ප්‍රමුඛ ගැන්ග්ස්ටර්ස්ලා මල්වතු ඔයෙන් දකුණට අන්ත දුෂ්කර අනුරාධපුරයට පසු බැස්සේය. එම යුගයේදී මල්වතු ඔයෙන් උතුරින් මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, යාපනය වැනි ප්‍රදේශ දකුණු ඉන්දියානු සංස්කෘතික මුල් පදිංචිකරුවන්ගෙන් පිරි තිබෙන්නට ඇත. මන්ද අද මෙන් එදත් ඔවුන්ගේ ප්‍රමුඛ සම්බන්ධය දකුණු ඉන්දියානු විජය නගර් ශිෂ්ඨාචාරය හා රාජධානිය අතර බැදි තිබෙන්නට ඇත. 

නමුත් ඈත උතුරින් පැමිණි විජය ප්‍රමුඛ කණ්ඩායම මල්වතු ඔයෙන් පහළ පදිංචි වූ පසු ඉන් පල්ලෙහා විශාල භූමිය තුළ පැතිර ගොස් අවුරුදු 2500 කට වැඩි කාලයක් මෙරට මහ ජාතිය බවට පත් විය. ඔවුන්ගේ විය යුතු පරිදිම සිංහල භාෂාව සංස්කෘත භාෂාවෙන් බිදි ආවකි. එම නිසා විජය ප්‍රමුඛ පිරිස උතුරු ඉන්දියානු සම්භවය අපට පිළිගත හැකිය. එසේම මගේ පෞද්ගලික මතය වන්නේ, විජය පැමිණෙන විටද බුද්ධ දර්ශනය පිළිබද ඔවුන්ට අවබෝධයක් තිබු බවයි. මන්ද Sinhalese and Nepalese එක සමාන භාෂා වන බැවිනි.  ලංකාවේ උතුරේ සිට ද්‍රවිඩ භාෂාව පදනම් කරගත් ජාතීන් එදා සිට අද දක්වා හින්දු භාෂාව මත පදනම්ව දකුණු ඉන්දියානු මහ අනෙකාට පක්ෂව ජීවිතය ගෙන යයි. ඔවුන් එදත් අදත් වැඩි සම්බන්ධය තිබුනේ ඉන්දියානු මහ අනෙකා කෙරෙහිය.

නමුත් ඈත උතුරු ඉන්දියානු සිංහලයා ඉන්දියාව සමග ඇති එකම බැදීම බුද්ධ දර්ශනය හා සංස්කෘත භාෂාවයි. අපේක්ෂා නොකළ පරිදි වර්ගයා බෝ කිරීමට වැඩි භූමි ප්‍රමාණයක් හිමි වීම නිසාවෙන් සිංහලයා මෙම දිවයිනේ මහ ජාතිය බවට පත් විය.

සිංහල, දෙමළ ජාතිකත්ව අර්බුදය ඇතිවූයේ විජය කුමාරයා මෙරටට ගොඩ බැසි දිනයේය. දෙමළ ජාතිකත්ව ව්‍යාපාරයේ Propet වන්නේ කුවේණිගේ තාත්තාය. සිංහල ජාතිකත්ව ව්‍යාපාරයේ Propet වන්නේ, විජය කුමාරයාය.

දුටුගැමුණුගේ සිට අනගාරික ධර්මපාල, ගුණදාස අමරසේකර, නලින්ද සිල්වා, මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, ඥාණසාර හා මහින්ද පතිරණ දක්වා සියල්ලෝම සිංහල ජාතික ව්‍යාපාරය තුළ හාල් කෑලිය.

9 comments:

  1. කුවේනි ජීවත්වූ යුගයේ දකුනු ඉන්දියාවේ ද්‍රවිඩ සංස්කෘතියක් තිබූ බව ඔබ කියන්නේ කෙසේද.
    මෙය දෙමල ජාතිවාදීන්ගේ අසාර්ථක ප්‍රබන්ධයකි.

    ReplyDelete
  2. අද සිටින සිංහලයන් විජයගෙන් පැවත එන බව කීම පිස්සු කතාවකි.සිංහලයන් යනු මිශ්‍රනයකි. අද සිටින දෙමල ජනයා කුවේනිගෙන් පැවත එන බවට දෙමල ජාතිවාදියෙක්වත් නොකියන කතාවක් ඔබ කියයි. ඔවුන් එය නොකියන්නෙ අතේ කයිතන්වන බව දන්න බැවිනි.
    අද සිටින දෙමල ජනයාට කෝට්ටේ යුගයට එහා අතීතයන් නැත.
    විජයාවතරනය සත්‍ය නම් විජය මෙරට යක්ෂ ගෝත්‍රිකයන් සමග මුසු විය. පන්ඩුකාභය යුගයේදී මෙම ස්වීකරනය අාරම්භ විය.

    නලින්ද සිල්වවල ගැනත් පවසා ඔවුනට අපහාස කර අැති නිසා ඔබ ට යම් දේශපාලන පසුබිමක් තිබිය හැක.
    මින් පසු මෙහෙම පිස්සු කතා කීමට පෙර මේවා ඉගැන්වූ දෙමල ජාතිවාදීන්ගෙන් උපදාස් ගන්න.මේ කරම් බොරු තර්ක කීමෙන් ඔබේ ලිපිය අසාර්ථක වන නිසාය.
    අැත්තටම අනුරාධපුර යුගය අවසන්වන තුරුම නියම සිංහල පාලනය පැවතියේ උතුරේය.
    ඔබ කියන්නෙ අනුරාධපුර යගයෙත් උතුරෙ මේ ජන සංයුතිය තිබූ බවද.
    ඔබේ ලිපියට හොදටම හිනා ගියා ඒකට ස්තුතියි

    ReplyDelete
  3. අද සිටින සිංහලයන් විජයගෙන් පැවත එන බව කීම පිස්සු කතාවකි.සිංහලයන් යනු මිශ්‍රනයකි. අද සිටින දෙමල ජනයා කුවේනිගෙන් පැවත එන බවට දෙමල ජාතිවාදියෙක්වත් නොකියන කතාවක් ඔබ කියයි. ඔවුන් එය නොකියන්නෙ අතේ කයිතන්වන බව දන්න බැවිනි.
    අද සිටින දෙමල ජනයාට කෝට්ටේ යුගයට එහා අතීතයන් නැත.
    විජයාවතරනය සත්‍ය නම් විජය මෙරට යක්ෂ ගෝත්‍රිකයන් සමග මුසු විය. පන්ඩුකාභය යුගයේදී මෙම ස්වීකරනය අාරම්භ විය.

    නලින්ද සිල්වවල ගැනත් පවසා ඔවුනට අපහාස කර අැති නිසා ඔබ ට යම් දේශපාලන පසුබිමක් තිබිය හැක.
    මින් පසු මෙහෙම පිස්සු කතා කීමට පෙර මේවා ඉගැන්වූ දෙමල ජාතිවාදීන්ගෙන් උපදාස් ගන්න.මේ කරම් බොරු තර්ක කීමෙන් ඔබේ ලිපිය අසාර්ථක වන නිසාය.
    අැත්තටම අනුරාධපුර යුගය අවසන්වන තුරුම නියම සිංහල පාලනය පැවතියේ උතුරේය.
    ඔබ කියන්නෙ අනුරාධපුර යගයෙත් උතුරෙ මේ ජන සංයුතිය තිබූ බවද.
    ඔබේ ලිපියට හොදටම හිනා ගියා ඒකට ස්තුතියි

    ReplyDelete
  4. කොමෙන්ට් කඩන්නෙ කියවීමෙ පහසුවටයි.
    දෙමල ඉතිහාසය අාරම්භවන්නෙ සංගම් යුගයෙයි. කෝට්ටෙ යුගයෙ තිබුන විජයනගර් අධිරාජ්‍යත් කුවේනිට සම්බන්ධ කරල.
    කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති විකාර කතාවක් කීමට හේතුව ඉතිහාසය ගැන අැති නොදැනීම.
    ලංකාවට ඒ කාලෙත් වෙලද සම්බන්ධතා තිබුන. වෙලදාම් කරන්න බෑ විදේශීය භාෂෘ නැතිව. අද අපි ඉංග්‍රීසි භාවිතා කරන නිසා ඔබ කියයි අපිත් ඉංග්‍රීසීන් කියා.
    විජයගෙන් සිංහලයන් පැවත එන මිත්‍යාව මත සියලු තර්ක ගොඩනගා අැති ඔබ කුවේනිගෙ කාලෙ ඉදන්ම කිලිනොච්දියෙ ඊනියා සශ්‍රීක බිමේ පැවති දෙමල පාලනයක් ගැන කියනව.
    අනුරාධපුර පාලකයාට අවුරදු 1000 ක්උතුර තහනම් කිරීමට තරම් ප්‍රබල දෙමල පාලනයක් කිලිනොච්චියෙ තිබිල

    අැත්තටම විජය යුගයෙ සිංහලයන් සිටියෙ නෑ. සිංහල කියා ජනකොටසක් ඉන්දියාවෙත් කවදාවත් හිටියෙ නෑ. යක්ෂ නාග දේව ජනකොටස් මිශ්‍රවෙලා කාලයක් එක්ක නිර්මානව වුන ජාතියක්. ද්‍රවිඩයන් අැතිවුනේ ඊටත් පස්සෙයි.

    ReplyDelete
  5. කොමෙන්ට් කඩන්නෙ කියවීමෙ පහසුවටයි.

  6. මටත් මේ කිසිවක් පිලිගන්න බෑ... ඒ වගේම මධ්‍යස්ථ මතධාරියාගෙ අදහස් එක්කත් එකඟ නෑ...

    ReplyDelete
  7. මා කියන්නේ ඉතාම සරල කතාවකි ..මහා වංශයට අනුව අප විජයගෙන් පැවත එන්නේනම් ..උතුරු ඉන්දියානු අපට වඩා දකුණු ඉන්දියානු ද්‍රවිඩයින් ලංකාවට පැමිණිය යුතුය ....එසේම කුවේණිය සිටියේ කපු කටිමින්නම් ඇය සංස්කෘත තික ගැහැනියකි ..එසේනම් තිබිය හැකි ආසන්න නම සංස්කෘතිය දකුණු ඉන්දියානු ද්‍රවිඩ හින්දු සංස්කෘතියයි ....

    ReplyDelete
  8. විජය කියලා එකෙක් කොහෙද හිටියේ ඉන්දියාවේ ?
    මහාවංසයට අනුව නම් ඔබ ඔහොම කියවන්නේ, ඒ කියන්නේ ඔබ අප තිරිසනුන් ගෙන් පැවත එනවා කියලාත් පිලිගන්නවාද ? මහාවන්සය ලියන්නේ ද දෙමලෙකි.. මොවුන් මහාවංසය ලියා අපේ ඉපැරණි අටුවා වලට කුමක් කලාද ?
    ඉන්දියාවේ පුරාණ නමින් භාවිතා කරන අටුවා වල සත්‍ය තොරතුරු වසන් කරන්නේ ඇයි ?
    දෙවනපිය ගමණි කෙනෙකුන් අසෝකට කලින් ඉන්දියාවේ සෙල් ලිපි වල ඉන්නේ ඇයි ?
    හෙළ බස සංස්කෘත භාසාවටත් වඩා ඉපැරණි යයි භශාම් පඬිවරයා පවසන්නේ ඇයි ?

    ReplyDelete